ඉරාන ප්‍රහාර ගැන එරට උත්තරීතර නායකයාගෙන් ප්‍රකාශයක්

ඉරාන ප්‍රහාර ගැන එරට උත්තරීතර නායකයාගෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලයට ඉරානයේ මිසයිල ප්‍රහාර එල්ල කිරීම නිවැරදි, තාර්කික සහ නීත්‍යානුකූල බව අයතුල්ලා අලි කමේනි ටෙහෙරානයේ රැස්ව සිටි විශාල පිරිසකට පවසා තිබෙනවා.

එරටේ උත්තරීතර නායකයා එම ප්‍රහාරය විස්තර කළේ ඊශ්‍රායලයේ “විස්මිත අපරාධ” ලෙස හැඳින්වූ දෙයට “අවම දඬුවම” ලෙස බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉරානය ඊශ්‍රායලයට මිසයිල 200කට ආසන්න ප්‍රමාණයක් එල්ල කර දින තුනකට පසුව, හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනයට පළිගැනීමක් ලෙස කමේනිගේ කතාව මෙසේ සිදුවූ බව සඳහන්.

Share This