ඉලක්ක සපුරා ගන්නා තුරු යුක්රේන මෙහෙයුම අත් හරින්නේ නැහැ – රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා
තම ඉලක්ක සාක්ෂාත් කර ගන්නා තුරු යුක්රේන මෙහෙයුම අත්නොහරින බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කරන බව රුසියානු මාධ්‍ය නිවේදනය කර තිබෙනවා.
බටහිර රටවලින් රුසියාව ආරක්ෂාකර ගැනීම තම ඉලක්කය බවයි රුසියා ආරක්ෂක අමාත්‍ය සර්ගේ ශොයිගු සඳහන් කරන්නේ.
යුක්රේනය ආක්‍රමණය කළද රුසියා පාලනයට නතුකර ගැනීමක් කිසිසේත්ම සිදු නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.