“ඉල්ලන ඕනෑම කෙනෙකුට ආයුධ දෙන්න” -රට රකින්න යුක්රේන ජනපති ගත් පියවර-UPDATE
තමන්ගේ රටේ ආයුධ අවශ්‍ය සියල්ලන්ටම ආයුධ නිකුත් කරන බව යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
රුසියාව සහ යුක්රේනය අතර ඇති අර්බුදයන් උත්සන්න වීමත් සමග පසුගිය සතිවලදී යුක්රේන සිවිල් වැසියන් මූලික හමුදා පුහුණුව ලැබූ බවද සඳහන් වනවා
එමෙන්ම යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්රේනය රුසියාව සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිල වශයෙන් කපා හැර ඇති බව ජනාධිපති Volodymyr Zelensky මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.
මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ අඳුරුතම පය කිහිපයක් වන බව එය යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල්ගේ සඳහන් කරනවා.
එමෙන්ම යුරෝපා සංගමය මෙතෙක් පනවා ඇති දරුණුතම සම්බාධක පනවනු ඇතැයි ඔහු පවසනවා .
එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් පවසන්නේ යුක්රේනයේ බිහිසුණු සිදුවීම්වලින් තමා කම්පනයට පත් වූ බවත් ව්ලැඩිමීර් පුටින් මෙම ප්රකෝපකාරී ප්‍රහාරය දියත් කිරීමෙන් ලේ වැගිරීම් සහ විනාශයේ මාවතක් තෝරාගෙන ඇති බවත්ය.
එක්සත් රාජධානිය තීරණාත්මක ලෙස ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔහු සඳහන් කරනවා
ප්‍රංශයේ එමානුවෙල් මැක්රොන් – පුටින් සමග රැස්වීමකදී දුරකථනයෙන් පැය ගණනක් කතා බහ කරමින් රුසියාව සිය හමුදා ක්‍රියාමාර්ගය නතර කළ යුතු බව පවසා තිබෙනවා
………………………………………………………….
යුක්රේන ප්‍රාන්ත අතර ගුවන් ගමන් සේවා නවතයි -හමුදා ප්‍රවීණයන්ටත් ආයුධ බෙදා දීමට පියවර -UPDATE
Feb 24, 2022 at 14:55
යුක්රේනය ප්‍රාන්ත අතර ගුවන් ගමන් සේවා අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
සිවිල් ගුවන් සේවා සඳහා ගුවන් ආරක්ෂාව පිළිබඳ ඉහළ අවදානමක් පවතින බැවින් සියලුම ගුවන් ගමන් අත්හිටුවූ බවයි සඳහන් වන්නේ.
රුසියාවේ ක්‍රියාවට ප්‍රතිචාරයක් ලෙස යුක්රේනයේ හමුදා ප්‍රවීණයන් වෙත ආයුධ බෙදා හැරීමට නියමිත බව පොලිසිය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා
බොහෝ දෙනෙකුට තමන්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව එතරම් අවබෝධයක් නොමැති බවද සඳහන්
නමුත් එරට ජනතාව මෝටර් රථවලින් පිටව යාමට දරන උත්සාහයන් නිසා මාර්ග තදබදයක්ද ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ
යුක්රේන රජය ජනතාවගෙන් සන්සුන්ව සිටින ලෙස ඉල්ලා තිබෙනවා ,
එමෙන්ම මාධ්‍ය සහ යුක්රේන පුරවැසියන් යන දෙඅංශයෙන්ම ඔවුන්ට ලැබෙන සියලුම තොරතුරු බෙදා ගැනීමට පෙර පරීක්ෂා කරන ලෙසද ඉල්ලනවා
ව්‍යාජ පුවත් රටට ඇති ලොකුම තර්ජනයක් බවට අනතුරු අඟවනවා
යුක්රේනයේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක Serhiy Nykyforov පවසන්නේ රුසියාව යුක්රේනයේ විශාල භීතියක් ඇතිකරගෙන සිටින බවත් “ශක්තිමත්ව සිටින ලෙස” ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.
………………………………………..
රුසියාවට එරෙහිව එක්සත් රාජධානියේ සම්බාධක දැඩි කරයි -UPDATE
Feb 24, 2022 at 13:05
එක්සත් රාජධානිය පෙර නොවූ විරූ සම්බාධක රැසක් රුසියාවට එරෙහිව පනවන බව එක්සත් රාජධානියේ අමාත්‍ය ජේම්ස් ක්ලෙවර්ලි මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
සම්බාධක රැසක් අද දිනයේ සිට පනවන අතර ඉදිරි දිනවලදී තවත් බොහෝ සම්බන්ධක පනවනු ඇති බවයි වාර්තා වන්නේ.
ඒවා රුසියාව මෙතෙක් දැක ඇති දරුණුතම සම්බාධක වනු ඇති බවයි ජේම්ස් ක්ලෙවර්ලි ස්කයි නිව්ස් වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ.
යුක්රේනියානුවන් විසින් එක්සත් රාජධානිය ඔවුන් සමඟ සිටින බව දැන සිටිය යුතු බවත් රට ආරක්ෂා කිරීම සඳහා එක්සත් රාජධානිය යුක්රේනයට “සෘජු සහය” ලබා දෙන බවත් ඔහු සඳහන් කරනවා
මේ වනවිට රටවල් පහකට අධික ගණනක් රුසියාවට එරෙහිව සම්බාධක පනවන බව නිවේදනය කර තිබෙනවා.
…………………………………………
රුසියාව යුද්ධයට අත වනයි -ප්‍රහාරයකින් 7ක් මරුට -UPDATE
Feb 24, 2022 at 13:05
රුසියානු හමුදා විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇතැයි යුක්රේන පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔඩෙස්සා නගරයෙන් පිටත Podilsk හි හමුදා ඒකකයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලැබූ බවද නිලධාරීහු පවසනවා
පුද්ගලයන් 19 දෙනෙකු ද අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසන අතර මරියුපෝල් නගරයේ එක් පුද්ගලයෙක් මිය ගිය බවද බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරනවා.
………………………………………..
රුසියාව ලෝකයෙන් හුදකලා කරන්න යෝජනාවක්-UPDATE (VIDEO)
Feb 24, 2022 at 12:30
රුසියාවේ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් යුක්රේනයේ විදේශ අමාත්‍ය Dmytro Kuleba ජාත්‍යන්තර ප්‍රජාව සඳහා “කළ යුතු ලැයිස්තුවක්” ඉදිරිපත් කර තිබෙනවා .
ඔහු පවසන්නේ ලෝකය වහා ක්‍රියාත්මක විය යුතු බවයි.
එමෙන්ම යුක්රේනයට ආයුධ සහ උපකරණ, මූල්‍ය ආධාර සහ මානුෂීය ආධාර සපයන අතරම අනිකුත් රටවලින් ඉල්ලා සිටින්නේ “රුසියාව සම්පූර්ණයෙන්ම සෑම දෙයකින්ම හුදකලා කළ යුතු” බවයි
එමෙන්ම යුරෝපයේ සහ ලෝකයේ අනාගතය අනතුරේ බවද ඔහු සඳහන් කරනවා
යුක්රේනයේ විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් SWIFT මූල්‍ය ගනුදෙනු පද්ධතිය භාවිතා කිරීම රුසියාවට තහනම් කිරීම ඇතුළුව සම්බාධක පනවන ලෙස ඉල්ලා සිටිනවා
රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයට හමුදා මෙහෙයුමක් ප්‍රකාශයට පත්කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු පළමු ෂෙල් ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර යුක්රේනයට එරෙහිව දියත් කරනු ලැබුවා
Kyiv හි ගාඩියන් මාධ්‍යවේදියෙකු වන Luke Harding ට්විටර් හි සටහනක් තබමින් පවසා තිබෙන්නේ වීදිවල මිනිසුන් ස්වල්පයක් සිටින බවත්, මිනිසුන් මුදල් යන්ත්‍ර අසල පෝලිම් ගැසී සිටින බවත්ය.
………………………………………………………..
යුක්රේනයේ ගුවන් තොටුපළවලට දැඩි මිසයිල ප්‍රහාර -යුක්රේනයත් ප්‍රතිප්‍රහාරවලට සූදානම් -UPDATE
Feb 24, 2022 at 11:40
යුක්රේන සන්නද්ධ හමුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ රුසියානු හමුදාව රටේ නැගෙනහිරින් තම ඒකකවලට “දැඩි ෂෙල් ප්‍රහාර” ආරම්භ කළ බවයි.
රුසියාව කියෙව් අසල බොරිස්පිල් ගුවන් තොටුපළට සහ තවත් ගුවන් තොටුපළ කිහිපයකට ද මිසයිල ප්‍රහාර එල්ල කළ බව එම නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
යුක්රේන ගුවන් හමුදාව රුසියාව විසින් එල්ල කරන ගුවන් ප්‍රහාරවලට එරෙහිව සටන් කරන බවද එහි සඳහන් වනවා
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ තමා යුක්රේන ජනපති සමග වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ කතා කළ බවත්, “ජාත්‍යන්තර හෙලාදැකීම් පෙළගැස්වීමට” ගන්නා පියවර පිළිබඳව ඔහු දැනුවත් කළ බවත්ය.
ප්‍රකාශයක් නිකුත් කරමින් බයිඩන් පවසන්නේ ප්‍රහාරය “ප්‍රකෝප නොකළ සහ අසාධාරණ” එකක් ලෙස තමා හෙළා දකින බවයි.
යුක්රේන ජනපති සෙලෙන්ස්කි “ජනාධිපති පුටින්ගේ ප්‍රබල ආක්‍රමණයට එරෙහිව පැහැදිලිව කථා කරන ලෙසත්, යුක්රේනයේ ජනතාව සමඟ නැගී සිටින ලෙසත් ලෝකයේ නායකයින්ගෙන් ඉල්ලා සිටින ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවයි ,බයිඩන් වැඩිදුරටත් සඳහන් කරන්නේ
එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසන්නේ G7 නායකයින් හමුවන බවත්, එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් “රුසියාවට දැඩි සම්බාධක පනවනු ඇති” බවත්ය.
යුක්රේනයට සහ යුක්රේන ජනතාවට අඛණ්ඩව සහයෝගය සහ ආධාර ලබා දෙන බවද ඇමරිකානු ජනපතිවරයා පවසනවා .
…………………….
යුක්රේනයට මිසයිල ප්‍රහාර – ජනපති තහවුරු කරයි (UPDATE)
Feb 24, 2022 at 10:50
තම රටට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව යුක්රේන ජනපතිවරයා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා
යුක්රේන ජනපතිවරයා පවසන්නේ රුසියාව යුක්රේනයේ යටිතල පහසුකම්වලට සහ දේශසීමා ආරක්ෂකයන්ට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි.
යුක්රේනයේ ජනාධිපති Volodymyr Zelensky යුධ නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස ඔහුගේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයෙන් ද ඉල්ලා සිටිනවා
……………………………………….
යුක්රේන සොල්දාදුවන්ට ආයුධ බිම තබන්නැයි රුසියානු ජනපතිගෙන් නියෝග
Feb 24, 2022 at 10:40
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ “මිලිටරි මෙහෙයුමක්” නිවේදනය කර තිබෙනවා
ඔහු නැගෙනහිර යුක්රේනයේ යුක්රේන සොල්දාදුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ආයුධ බිම තබා ආපසු සිය නිවෙස් කරා යන ලෙසයි.
මේ අතර කවුරුන් හෝ රුසියාව අල්ලා ගැනීමට උත්සාහ කළහොත් මොස්කව්හි ප්‍රතිචාරය “ක්ෂණික” වනු ඇතැයි රුසියානු ජනපති පුටින් අනතුරු අඟවා තිබෙනවා
යුක්රේනයේ විදේශ ඇමති රුසියාව පූර්ණ පරිමානයේ යුද්ධයක් ආරම්භ කරන බවට චෝදනා කරන අතර එය නැවැත්වීමට “හැකි සෑම දෙයක්ම කරන ලෙස” එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටිනවා
රුසියාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔහු පවසන ප්‍රතිවිපාක පිළිබඳව ඇමෙරිකානු ජනපති බයිඩන් ඇමරිකානුවන් අමතනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසන්නේ මෙම භයානක අවස්ථාවේ යුක්රේනය සමඟින් සිටින බවත් සියලු මිත්‍ර රටවල් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියල්ල කරන බවත්ය.