ඉල්ලා අස්වූ මන්ත්‍රී යළි පාර්ලිමේන්තුවට එන්න සුදානමින් – නියෝජ්‍ය ඇමති පුටුවකුත් ?

ඉල්ලා අස්වූ මන්ත්‍රී යළි පාර්ලිමේන්තුවට එන්න සුදානමින් – නියෝජ්‍ය ඇමති පුටුවකුත් ?

ජයන්ත කැටගොඩ මහතා යළිත් වරක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීමට යන බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් අද (10) පුවත්පත් වාර්තා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී ද අවදානය යොමු වුණා.

ඉදිරි දින කීපය තුළදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා මන්ත්‍රි ධුරයෙන් ඉවත්වන බවට මේ වන විටත් ඉඟි පළවී තිබෙන අතර, ඔහු එසේ මන්ත්‍රි ධුරයෙන් ඉවත් වුවහොත් පුරප්පාඩු මත ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට කැටගොඩ මහතා පත් කිරීමට නියමිත බව පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.

ජයන්ත කැටගොඩ මහතා මන්ත්‍රි ධුරයට පත් කළහොත් ඔහුට නියෝජ්‍ය ඇමැති ධුරයක්ද හිමිවනු ඇතැයි වාර්තා වනවා.

ඔහු පසුගිය දා ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වුයේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව සලසාදීම සඳහායි.

Share This