ඉෂාරා සෙව්වන්දිගේ මව රක්ෂිත භාරයේදී මිය යයි – රාගම ,බටුවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ සැකපිට අයෙක් අත්අඩංගුවට

ඉෂාරා සෙව්වන්දිගේ මව රක්ෂිත භාරයේදී මිය යයි – රාගම ,බටුවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ සැකපිට අයෙක් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා අධිකරණ භූමියට නීතිඥ විසින් ගිනි අවිය රැගෙන ගොස් දුන් බව කියන ඉෂාරා සෙව්වන්දිගේ මව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතරතුර මරණයට පත්ව තිබෙනවා.

හෘදයා බාධයක් හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගණේමුල්ල සංජීව ඝාතනයට නීතිඥ වෙසින් ගිනි අවිය රැගෙන ගිය ඉෂාරා සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරය තුළදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගේ මව අදාළ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ.

එකී කාන්තාවට අමතරව ඇගේ පුත්‍රයාද එලෙස අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන අතර තවම ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට හැකිව නැහැ.

මේ අතර බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන මහරගම ප්‍රදීප් නැමැත්තාද බූස්ස බන්ධනාගාරයේ රඳවාගෙන සිටියදී ඉකුත් දා සියදිවි හානි කර ගෙන තිබෙනවා.

මීට පෙරද බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන වනාතේ බිම්සර නැමැත්තාද ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගෙන තිබුණා.

ඊට පෙර කේ.ජී ශිවා නැමැත්තා සිරකුටියක් තුළ සිටියදී වෙනත් සැකකරුවෙකු විසින් තියුණු ආයධුයකින් පහරදී ඝාතනය කර තිබුණා.

මේ අතර රාගම බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

30 හැවිරිදි අදාළ සැකකරු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

මේ අතර ගණේමුල්ල අමුණුගොඩ ප්‍රදේශයේ පිහිටි සිවිල් ක්‍රියාකාරිනියක් වන රසිකා කෝරළගේ නැමැත්තියගේ නිවසේ ගේට්ටුවකට වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

අදාළ වෙඩි තැබීම පසුගිය 11 වැනිදා රාත්‍රි කාලයේ සිදුව තිබුණත් වෙඩි තැබීමක් සිදු වූ බව එකවර හඳුනාගෙන නැහැ.

අසල්වැසි නිවසේ පදිංචිකරුවන් සිදු කළ පැමිණිල්ලක් අනුව අද පොලිසිය විමර්ශන ආරම්භ කළා.

එහි දීහෙළි වීඇත්තේ වෙඩි උණ්ඩ 5ක් පමණ එල්ල වී ඇති බවයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ හිමිකාරිය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහුගේ නිවස අසළට ගොස් මල් වඩමක් තැබීමට එක්වූ බවත් පොලිසිය පැවසුවා.

 

Share This