
ඉෂාරා සෙව්වන්දි සමග නේපාලයේදී 6 ක් අත්අඩංගුවට ගත් මෙහෙයුම කළේ මෙහෙමයි
ශ්‍රී ලංකාවේ පාතාල නායකයෙකු වන ගණේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේ සැඟවී සිටියදී අත් අඩංගුවට පත්වීම කත්මණ්ඩු පෝස්ට් වෙබ් අඩවිය අද වාර්තාකර තිබුණා.
ඒ අනුව එම වෙබ් අඩවිය පවසන්නේ සැකකරුවන් 6 දෙනකු අත් අඩංගුවට පත් වූ බවයි.
නේපාල පොලිසිය සමඟ සම්බන්ධීකරණය කරන ලද විශේෂ මෙහෙයුමකදී, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු කත්මණ්ඩු නුවරදී අත්අඩංගුවට ගත් බව එම වෙබ අඩවිය පවසනවා.
විමර්ශනවලින් පෙනී යන්නේ මෙම කණ්ඩායම කත්මණ්ඩු සහ භක්තපූර් ප්‍රදේශවල ජීවත්ව ඇති බවටයි.
උසස් පොලිස් ආරංචි මාර්ගවලින් හෙළි වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ, ජීවදාසන් කනකරාසා, තක්‍ෂි නන්දකුමාර්,කළුදර දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා , කෙනඩි බස්ටියම්පිල්ලෙයි සහ වික්‍රමාරච්චිගේ දිනේෂ් නිශාන්ත කුමාර ලෙසයි.
මෙහෙයුම සිදු කරන ලද්දේ නේපාල පොලිස් මූලස්ථානයේ, නැක්සල් හි පිහිටි ජාත්‍යන්තර ජාතික මධ්‍යම කාර්යාංශයේ කණ්ඩායමක් විසිනි” යනුවෙන් නේපාල පොලිස් නිලධාරියෙක් පවසා තිබෙනවා.
සැකකරුවන් හය දෙනාම මැලේසියාවේ සහ ඩුබායි හි මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් සම්බන්ධ වී සිටින කෙහෙල්බද්දර පද්මේ විසින් මෙහෙයවන ලද කුප්‍රකට ශ්‍රී ලාංකික පාතාල කල්ලියේ සාමාජිකයින් බව පොලිසිය තහවුරු කළ බව අදාල වෙබ අඩවිය සදහන් කර තිබෙනවා.
ඝාතනය සිදු වූ අවස්ථාවේ ප්‍රධාන සැකකාරිය වන ඉශාරා සෙව්වන්දි, තමා ඉන්දියානු පුරවැසියෙකු බව නිවාස් හිමියාට පවසමින් භක්තපූර් හි කාමරයක් කුලියට ගෙන සිටි බව විමර්ශකයින් සොයා ගෙන තිබෙන බවත් එම වෙබ් අඩවිය පවසනවා.
ඇය ඉන්දියාවේ බැංගලෝර්හි සිට පැමිණි බවත්, මාසයක් පමණ භක්තපූර් හි නැවතී සිටි බවත්, බොහෝ දුරට ඇගේ කාමරය තුළම රැඳී සිටි බවත් ඇය ගෙන් අණාවරණය කරගත් බව ද විමර්ශන නිලධාරියෙක් පැවසූ බව කත්මණ්ඩු පොස්ට් සදහන් කරනවා.
ඇය නිවසින් පිටව යාම අවම කර ඇත්තේ අවදානම අඩුකර ගැනීමට වියහැකි බව ද පොලීසිය පවසා තිබුණා.
ඉෂාරා සෙව්වන්දි මෙම ඝාතන සිද්ධියෙන් පසුව ඇගේ අනන්‍යතාවය හෙළි වීම හේතුවෙන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාවිත් ඇති බවයි.
ඇය ඉන්දියාවට පළා ඒම සදහා රුපියල් මිලියන 6.5 ක් පමණ වියදම් කර අතර, සති දෙකක් පමණ ඉන්දියාවේ රැඳී සිටිමින්, පසුව ගොඩබිම් හරහා කත්මණ්ඩු වෙත ළඟා වී තිබෙනවා.
කත්මණ්ඩු පෝස්ට් පවසන්නේ ශ්‍රී ලංකා පොලිසියෙන් සහ කත්මණ්ඩු තානාපති කාර්යාලයෙන් ලැබුණු බුද්ධි තොරතුරු මත නේපාල පොලිසිය මෙහෙයුමක් දියත් කළ අතර එය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හේතු වූ බවයි.
තවත් සැකකරුවෙකු වන කෙනඩි බස්තියම්පිල්ලෙයි හෙවත් ජේ.කේ. බායි, තමෙල් හි හෝටලයකදී අත්අඩංගුවට ගන්නා ගෙන තිබෙනවා.
“ජේ.කේ. ප්‍රධාන කල්ලි නායකයා සමඟ සම්බන්ධ වී සිටි බවත් ඔහු ලබා දුන් තොරතුරු භාවිතා කරමින් සෙව්වන්දි අත් අඩංගුවට ගත් බවත් නේපල පොලිස් නිලධාරියෙක් පවසා තිබෙනවා.
ජීවදාසන් කනකරාසා සහ තක්ෂි නන්දකුමාර් දෙදෙනා මිත්‍රපාර්ක්, නව බස් නැවතුම අසලදී අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත් වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුට විදේශ ගමන් බලපත්‍ර තිබූ අතර ඔවුන් ගුවන් මගින් නේපාලයට ඇතුළු වන්නට ඇති බවත්, ඉතිරි සිව්දෙනාට කිසිදු හැඳුනුම්පතක් නොතිබූ බවත්, ඔවුන් ඉන්දියාවට මුහුදෙන් ඇතුළු වී පසුව ගොඩබිමෙන් නේපාලයට ඇතුළු වී ඇති බවට විශ්වාස කරන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබුණා.
“ඔවුන් නේපාලයේ කිසිදු අපරාධයක් සිදුකර නොතිබූ නිසා ආගමන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කරමින් රටින් පිටුවහල් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවට කත්මණ්ඩු පෝස්ට් වෙත අදාල නිලධාරියා වැඩිදුරටත් පවසා තිබෙනවා.
සැකකරුවන් හය දෙනාම පිටුවහල් කිරීමට සූදානම් වෙමින් පවතින බව දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තහවුරු කළ බවයි කත්මණ්ඩු පෝස්ට් පැවසුවේ.