ඉස්තාන්බූල් හි භූ කම්පනයක් -200 දෙනෙකුට අධික පිරිසකට තුවාල

ඉස්තාන්බූල් හි භූ කම්පනයක් -200 දෙනෙකුට අධික පිරිසකට තුවාල

තුර්කියේ ඉස්තාන්බූල් හි සිදුවූ භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 200 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනයත් සමග බියට පත්වූ පිරිස් ගොඩනැගිලිවලින් පැනීමට උත්සාහ දරා ඇති අතර ඒ හේතුවෙන් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

භූ කම්පන තත්ත්වය හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Share This