ඉහළ ගිය අපනයන ආදායම

ඉහළ ගිය අපනයන ආදායම

පෙබරවාරි මාසයේ මෙරට අපනයන ආදායම ඉහළ ගොස් තිබෙනවා.

අමෙරිකානු ඩොලර් බිලියන 1.38ක් දක්වා මෙරට අපනයන ආදායම ඉහළ ගොස් ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ.

ඒ සඳහා වන වැඩිම දායකත්වයක් ඇගලුම් සහ රෙදිපිළි අංශය දක්වා තිබෙනවා.

ඇගලුම් සහ රෙදිපිළි අංශයෙන් පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 887.52ක් උපයා තිබු අතර මෙම වසර සමග සැසදීමේදී ඒ හරහා උපයන ලද ආදායම 10.74%ක වර්ධනයක් බව සඳහන්.

Share This