ඉහළ ගිය නිල සංචිත වත්කම්

ඉහළ ගිය නිල සංචිත වත්කම්

2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

එය 7.9% ක කැපීපෙනෙන වර්ධනයක් බව සඳහන්.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය ඔක්තෝබර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 6,383 ක් දක්වා 7.3%කින් ඉහළ ගොස් තිබෙනවා.

Share This