ඉහළ යන මැතිවරණ පැමිණිලි
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 1642 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ වූ පැමිණිලි 1592ක්ද ඒ අතර වන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කළේ.
මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 107ක් වාර්තා වී තිබෙනවා.