ඊජිප්තුවේ අනුමත නොකරන ලද ඖෂධ ලබා දීමෙන් ළමුන් කිහිප දෙනෙකු මරුට

ඊජිප්තුවේ අනුමත නොකරන ලද ඖෂධ ලබා දීමෙන් ළමුන් කිහිප දෙනෙකු මරුට

අනුමත නොකරන ලද ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් ළමුන් කිහිප දෙනෙකු මිය ගිය බවට ඊජිප්තුවෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රෝහල් වෛද්‍යවරුන් විසින් අනුමත නොකරන ලද ඖෂධයක් එන්නත් කිරීමෙන් පසු අවුරුදු දෙකක දරුවෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර ඊජිප්තු මාධ්‍ය පවසන්නේ පසුගිය මාසය තුළ පමණක් ඩොලර් මිලියන 160 කට වැඩි අනුමත නොකරන ලද ඖෂධ අත්අඩංගුවට ගෙන ඇති බවයි

ඇමරිකාවේ Journal of Tropical Medicine and Hygiene සඟරාවේ මෑත වාර්තාවකද අනුමත නොකරන ලද ඖෂධ නිසා සෑම වසරකම ළමුන් 300,000ක් පමණ මිය යන බව සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This