ඊජිප්තුවේ දුම්රිය අනතුරක්

ඊජිප්තුවේ දුම්රිය අනතුරක්

ඊජිප්තුවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ දුම්රියක්, තවත් දුම්රියක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් පසුව දුම්රිය මැදිරි දෙකක් අනතුර සිදුවූ ස්ථානයේ තිබූ වාරි ඇලකට පෙරලී ගොස් තිබෙනවා.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර අනතුරින් පසුව දුම්රිය නැවත ධාවනය කරවීමට බලධාරීන් අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.

Share This