ඊශ්‍රායලයට හදිසි තත්ත්වයක්

ඊශ්‍රායලයට හදිසි තත්ත්වයක්

ඊශ්‍රායලය පුරා පැය 48ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලෙබනනය පදනම් කරගනිමින් හිස්බුල්ලා සංවිධානය, ඊශ්‍රායලයට එල්ල කරන දැවැන්ත ප්‍රහාර සැලකිල්ලට ගනිමින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දැනටමත් දෙරට අතර දැවැන්ත ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර 320කට වැඩි ප්‍රමාණයක් හිස්බුල්ලා සංවිධානය එල්ල කර ඇති බව සඳහන්.

ප්‍රහාර හමුවේ දකුණු ලෙබනනයේ Khiam නගරයේදී පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

Share This