ඊශ්‍රායලයෙන් උතුරු ගාසා තීරයට ප්‍රහාරයක්

ඊශ්‍රායලයෙන් උතුරු ගාසා තීරයට ප්‍රහාරයක්

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා නගරයේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයන් 73 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් සංවිධානයේ බලධාරීන් පවසනවා.

බෝම්බ ප්‍රහාරයෙන් පසු තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර බොහෝ දෙනෙක් තවමත් සුන්බුන් යට සිරවී සිටින බවයි ඔවුන් සඳහන් කර සිටියේ.

කෙසේවෙතත් ඊශ්‍රායලය ප්‍රකාශ කර සිටියේ තමන් ජීවිත හානි පිළිබඳ වාර්තා පරීක්‍ෂා කරමින් සිටින නමුත් හමාස් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යා විශ්මය දනවන ආකාරයට වාර්තා කර ඇති බවත් එය තම හමුදාව සතු තොරතුරුවලට නොගැලපෙන බවයි.

මේ අතර දකුණු ලෙබනනයේ මෙන්ම බේරූට් හි දකුණු ප්‍රදේශයේද සටන් දිගටම වාර්තා වන බව සඳහන්.

 

Share This