ඊශ්‍රායලයෙන් ගාසා තීරයට බෝම්බ 6,000ක් හෙළයි

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට බෝම්බ 6,000ක් හෙළයි

දින හයක් පුරා ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ටොන් 4,000ක් බරැති බෝම්බ 6,000ක් හෙළූ බව ඊශ්‍රායලය පවසනවා

ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රකාශ කළේ ගුවන් ප්‍රහාර ඉලක්ක 3,600කට වැඩි ප්‍රමාණයක් වෙත මෙම බෝම්බ එල්ල කර ඇති බවයි.

මේ අතර ගාසා තීරයට සහ ලෙබනනයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර සඳහා සුදු පොස්පරස් භාවිතා කළ බවට මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය (HRW) විසින් ඊශ්‍රායලයට චෝදනා කර තිබෙනවා

අධික ලෙස දහනය කළ හැකි මෙම රසායනිකය හමුදා විසින් ප්‍රදේශ සලකුණු කිරීමට භාවිතා කරන නමුත් එය මිනිසුන්ව දරුණු ලෙස පුළුස්සා දැමිය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එමෙන්ම ආයුධයක් ලෙස භාවිතා කරන විට එය ඉතා භයානක බවත් සඳහන්

Share This