ඊශ්‍රායලයෙන් ගාසා තීරයේ සරණාගත කඳවුරකට ප්‍රහාර

ඊශ්‍රායලයෙන් ගාසා තීරයේ සරණාගත කඳවුරකට ප්‍රහාර

ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයේ උතුරේ පිහිටි ජබාලියා සරණාගත කඳවුරට දිගින් දිගටම බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඊශ්‍රායල යුද ටැංකි කඳවුරේ මැද දෙසට ගමන් කරමින් සිටින බවද සඳහන්

ගාසා තීරයේ උතුරේ පිහිටි ජබාලියා කඳවුරේ බෝම්බ ප්‍රහාර එල්ල කරන ටැංකි වලින් එය වටවී ඇති බවයි පැවසෙන්නේ

15,000ක් පමණ අවතැන්වූවන් ජබාලියා කඳවුරේ සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

පැය තුනකට වැඩි කාලයක් ප්‍රචණ්ඩකාරී බෝම්බ හෙලීම නතර වී නැති බවත් ගිලන්රථවලට පැමිණිය නොහැකි බවත් සඳහන් වනවා

උතුරු ගාසා තීරයේ සියලුම රෝහල් සේවයෙන් ඉවත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

කඳවුරේ බොහෝ ගොඩනැගිලිවල ගිනි දැල් ඇතිව ඇති අතර එක්සත් ජාතීන්ගේ පාසල්වල නවාතැන් ගැනීමට තම නිවෙස්වලින් පලා ගිය දහස් ගණන් අවතැන් වූවන් බියට පත්ව ඇති බවද සඳහන්

 

Share This