
ඊශ්‍රායලයේදී ඛේදණීය ලෙස මියගිය දෙදරු පියාගේ මෘතදේහය සතියකින් ශ්‍රී ලංකාවට – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර
ඊශ්‍රායලයේදී ගෙල කපා ඝාතනය කර ඇතැයි කියන 38 හැවිරිදි දෙදරු පියාගේ මෘතදේහය සතියක් තුළ ශ්‍රී ලංකාවට එවීමට හැකිවනු ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
රිය අනතුරු සහ සෞඛ්‍ය හේතු මත ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයන් මියයෑම් වාර්තා වුවත් ඝාතනයකින් ශ්‍රී ලාංකිකයකු මියයෑම පළමු වරට වාර්තා වූයේ මෙය බවයි තානාපතිවරයා පවසන්නේ.
ඝාතනයට ලක්වූ 38 හැවිරිදි ගාල්ල, අම්බලන්ගොඩ, බටපොල පදිංචි තරිඳු ශානක නමැත්තා ඉදිකිරීම් ක්ෂේත්රයේ වඩු රැකියාවක් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඊශ්‍රායලට ගොස් තිබෙනවා.
ඔහු ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සමග සිට ශරීර අවශ්‍යතාවයක් සඳහා ගොස් සිටියදී අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයකු සමග ඇතිකරගත් බව කියන සිද්ධියකින් පසු ඔහු විසින් මෙම ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අවට CCTV දර්ශන උපයෝගි කරගෙන ඊශ්‍රායල් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එහිදී සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගන්නා තෙක් නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ.
මියගිය පුද්ගලයාගේ සිරුර ලංකාවට ගෙන්වා දෙන ලෙස ඔහුගේ බිරිඳ තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවත්, මෘත දේහය වෝහාරික වෛද්‍ය ආයතනයේ පැවැති බවත් ඒ මහතා සඳහන් කරනවා.
මෘත දේහය මෙරටට ගෙනඒම සඳහා රුපියල් ලක්ෂ 15ක් පමණ වැයවන බවත් එම මුදල තානාපති කාර්යාලය මගින් (රක්ෂණ ආවරණය) වැය කර මෘත දේහය දිවයිනට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් තානාපතිවරයා පවසන්නේ.
