ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඝාතනය කළ බවට වන චෝදනා හමාස් නායකයෙක් ප්‍රතික්ෂේප කරයි

ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඝාතනය කළ බවට වන චෝදනා හමාස් නායකයෙක් ප්‍රතික්ෂේප කරයි

බලහත්කාරයෙන් බඳවා ගත් අය පමණක් ඉලක්ක කළ බව පවසමින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඝාතනය කළ බව කියන චෝදනා පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා

Moussa Abu Marzouk නම් මෙම නායකයා BBC පුවත් සේවය වෙත පවසා තිබෙන්නේ “කාන්තාවන්, ළමුන් සහ සිවිල් වැසියන් හමාස් ප්‍රහාරවලින් නිදහස් කර ඇති” බවයි.

BBC පුවත් සේවය විසින් ගාසා තීරයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන්, විශේෂයෙන් භූමිය තුළ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව පිළිබඳව Moussa Abu Marzouk ගෙන් විමසා ඇති බවද සඳහන්

ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලද්දී ඔවුන් නිදහස් කර ගැනීමට නොහැකි වූ බවයි එයට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ .

හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලය පසුගිය මාසයේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු පුද්ගලයන් 10,000ක් මිය ගොස් ඇති බවයි.

එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල තහනම් ත්‍රස්ත සංවිධානයක් වන හමාස් විසින් ඔක්තෝබර් 7 වන දින පැහැරගන්නා ලද රුසියානු-ඊශ්‍රායල ද්විත්ව පුරවැසියන් අට දෙනෙකු පිළිබඳව සාකච්ඡා කිරීමට Moussa Abu Marzouk මෑතකදී මොස්කව් වෙත ගිය බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Moussa Abu Marzouk එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂයෙන් නම් කරන ලද ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස ද ලැයිස්තුගත කර ඇති අතර, හමාස් ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය සහ මූල්‍යකරණය කිරීමේ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට අධිචෝදනා ගොනු කර ඇති බවද සඳහන් .

Share This