ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ සෑම දිනකම පැය හතරක හමුදා විරාමයක් ක්‍රියාත්මක කරනවා – එක්සත් ජනපදය

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ සෑම දිනකම පැය හතරක හමුදා විරාමයක් ක්‍රියාත්මක කරනවා – එක්සත් ජනපදය

සාමාන්‍ය වැසියන්ට පලා යාමට ඉඩ සැලසීම සඳහා ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ ප්‍රදේශවල සෑම දිනකම පැය හතරක හමුදා විරාමයක් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නා බව එක්සත් ජනපදය පවසනවා

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ එය නිවැරදි දිශාවේ පියවරක් බවයි

එමෙන්ම භූමියට ලබාදෙන ආධාර සඳහා පෙනී සිටින බවද ඔහු තවදුරටත් සඳහන් කරනවා

මීට පෙර ඊශ්‍රායල හමුදාව පවසා සිටියේ “ගාසාහි සිවිල් වැසියන් සඳහා මානුෂීය ආධාර සඳහා උපායශීලී, දේශීය විරාමයන් තිබෙන නමුත් සටන් විරාමයක් නොමැත යනුවෙනුයි

මේ අතර ගාසා තීරයේ ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකුගේ වීඩියෝවක් නිකුත් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ගාසා නගරයේ ප්‍රධාන රෝහල් දෙකක් වටා දැඩි සටන් වාර්තා වී ඇති අතර හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් කරන බවයි ඊශ්‍රායලය සඳහන් කරන්නේ

ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඔක්තෝබර් 7 වැනිදා එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පසුවයි

එහිදී පුද්ගලයන් 1400ක් මිය ගිය අතර 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගැනුණා .

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ළමුන් 4,400කට වැඩි සංඛ්‍යාවක් ද ඇතුළත්ව ගාසා තීරයේ 10,800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This