ඊශ්‍රායලය, ගසාහි පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් 30 දෙනෙකු මරුට

ඊශ්‍රායලය, ගසාහි පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් 30 දෙනෙකු මරුට

ගාසා තීරයේ අවතැන් වූවන් නවාතැන් ගෙන සිටි පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීනුවන් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා

එමෙන්ම 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා

මියගිය අය අතර ළමුන් 15 දෙනෙකු සහ කාන්තාවන් අට දෙනෙකු සිටින බවයි හමාස් පාලනය කරන රජයේ මාධ්‍ය කාර්යාලය පවසා ඇත්තේ

ඊශ්‍රායල හමුදාව පැවසුවේ පාසල් සංකීර්ණයේ හමාස් අණදෙන මධ්‍යස්ථානයකට පහර දුන් බවයි

Share This