ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ගෝලීය සහයෝගය අහිමිවීමේ ඉඩකඩක්

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ගෝලීය සහයෝගය අහිමිවීමේ ඉඩකඩක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ගාසා තීරයේ වහාම මානුෂීය සටන් විරාමයක් ඉල්ලා නොබැඳෙන යෝජනාවකට පක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා

එමෙන්ම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ගෝලීය සහයෝගය අහිමි වීමට පටන් ගෙන ඇති බවයි.

ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන ගොස් ඇති අතර දකුණේ ඛාන් යූනිස් කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඊජිප්තු දේශසීමාව අසල රෆාහි ද සටන් පවතින බවයි වාර්තා වන්නේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියෙකු පවසන්නේ ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය දින 66ක් තුළ රෝහල් 36 සිට 11 දක්වා පමණක් ක්‍රියාත්මක වන තත්ත්වයට පත්ව ඇති අතර ඒවා ක්‍රියාත්මක වන්නේද අර්ධ වශයෙන් පමණක් බවයි.

මේ අතර බටහිර ඉවුරේ ජෙනින් හි ඩ්‍රෝන ප්‍රහාරයකින් පස් දෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගිය බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබෙනවා

හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින් 1,200 ක් මරා දමා 240 ක් ප්‍රාණ ඇපයට ගනු ලැබුවා

ඔවුන්ගෙන් සමහරක් කෙටි සටන් විරාමයක් අතරතුර නිදහස් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ හමුදා ප්‍රතිචාරය 18,200 කට වැඩි පිරිසක් මිය ගොස් 50,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

Share This