
ඊශ්‍රායලය ,දකුණු සිරියාවේ රජයේ හමුදාවලට පහරදෙයි(Video)
තුන්වන දිනටත් ඊයේ(16) ඊශ්‍රායල හමුදාව දමස්කස් හි සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයට සහ දකුණු සිරියාවේ රජයේ හමුදාවලට පහර දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ බොහෝ දුරට ඩ්‍රූස් පළාතේ සුවෙයිඩා හි මාරාන්තික නිකායික සටන් දිගටම පැවති බවයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම ප්‍රහාර සම්බන්ධයෙන් පැවසුවේ “අපගේ ඩ්‍රූස් සහෝදරයන් බේරා ගැනීමට කටයුතු කරනවා” යනුවෙන්.
අන්තර්වාර සිරියානු ජනාධිපති අහමඩ් අල්-ෂාරා මේ ප්‍රහාර හෙළා දකිමින් පැවසුවේ ඊශ්‍රායලය “මහා පරිමාණයේ උත්සන්නවීමක්” ඇති කරන බවට චෝදනා කළා.
සුවයිඩා හි ඩ්‍රූස් මිලීෂියා සහ බෙඩොයින් ගෝත්‍ර අතර ගැටුම් ඇති වූ පසුගිය ඉරිදා සිට පුද්ගලයින් 350 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.
ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදයේ යෝජනා සමග එකඟ වූ බව පැවසූ විට, ඊයේ දිනයේ සිරියානු හමුදාව සුවෙයිඩාවෙන් තම හමුදා ඉවත් කර ගැනීමට පටන් ගත් බව වාර්තා වුණා.
ඊශ්‍රායල ඩෲස් යනු ඊශ්‍රායලයේ අරාබි පුරවැසියන් අතර ජනවාර්ගික ආගමික සුළුතරයක් වන අතර ඔවුන් අරාබි භාෂාව සහ සංස්කෘතිය ඔවුන්ගේ අනන්‍යතාවයේ අනිවාර්ය කොටස් ලෙස පවත්වා ගෙන යන පිරිසක්. ඩෲස් ජනතාව 143,000 ක් ඊශ්‍රායලය සහ ඊශ්‍රායල අත්පත් කරගත් ගෝලාන් කඳුකරය තුළ ජීවත් වන අතර ඔවුන් ඊශ්‍රායලයේ මුළු ජනගහනයෙන් 1.6% ක් පමණ වනවා.