ඊශ්‍රායලය ලෙබනන් දේශසීමා අසල නගරයේ පදිංචිකරුවන් ඉවත් කරයි

ඊශ්‍රායලය ලෙබනන් දේශසීමා අසල නගරයේ පදිංචිකරුවන් ඉවත් කරයි

ලෙබනනයට මායිම්ව පිහිටි උතුරු නගරයක් වන Kiryat Shmonaහි ජනතාව ඉවත් කරන බව ඊශ්‍රායල හමුදාව පවසනවා

මෙම නියෝගය ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය Yoav Gallant විසින් අනුමත කර ඇති බවයි පැවසෙන්නේ

එය නගරයේ නගරාධිපතිවරයාට දන්වා ඇති බවද ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් Twitter සටහනක් තබමින් ප්‍රකාශ කරනවා

නිවැසියන් රාජ්‍ය අරමුදල් සහිත ලැගුම්හල් වෙත රැගෙන යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ලෙබනන් හිස්බුල්ලා කණ්ඩායමට අයත් සන්නද්ධ සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදාව අතර ගැටුම් මධ්‍යයේ 23,000ක පමණ ජනගහනයක් සිටින Kiryat Shmona ප්‍රදේශයට පසුගිය දිනවල රොකට් ප්‍රහාරයක්ද එල්ල වුණා

ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර් 2 ක් දක්වා ජීවත් වන සියලුම සිවිල් වැසියන් ඉවත් කිරීමට හදිසි සැලැස්මක් ක්‍රියාත්මක කරන බවත් ඔවුන් රජයේ අරමුදල් සහිත ආගන්තුක නිවාසවල තබන බවත් ඊශ්‍රායල ආරක්ෂක බලකාය මීට පෙර නිවේදනය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

Share This