ඊශ්‍රායලය සමග බලශක්ති හා ජල ගිවිසුමට අත්සන් තබන්නේ නැහැ – ජෝර්දානය

ඊශ්‍රායලය සමග බලශක්ති හා ජල ගිවිසුමට අත්සන් තබන්නේ නැහැ – ජෝර්දානය

ඊශ්‍රායලය සමග බලශක්ති හා ජල හුවමාරු ගිවිසුම අත්සන් නොකරන බව ජෝර්දානය පවසනවා.

කෙසේ වෙතත් එය පසුගිය මාසයේදී අනුමත කිරීමට සැලසුම් කර තිබූ ගිවිසුමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජෝර්දාන විදේශ අමාත්‍ය Ayman Safadi පවසන්නේ කලාපීය ව්‍යාපෘති පිළිබඳව කලාපීය සංවාදයක් පැවැත්වීමෙන් අනතුරුව යුද්ධය නිසා එම ගිවිසුම ඉදිරියට නොයන බවයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ දරුවන් මරා දමද්දී, ජල හා විදුලි ගිවිසුමක් අත්සන් කිරීමට ජෝර්දාන ඇමතිවරයෙකු ඊශ්‍රායල ඇමතිවරයෙකු අසල වාඩි වීම විය නොහැක්කක් බව ජෝර්දානය සඳහන් කරනවා.

Share This