ඊශ්‍රායල අගමැති හමාස්ගේ යෝජිත සටන් විරාම කොන්දේසි ප්‍රතික්ෂේප කරයි (VIDEO)

ඊශ්‍රායල අගමැති හමාස්ගේ යෝජිත සටන් විරාම කොන්දේසි ප්‍රතික්ෂේප කරයි (VIDEO)

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයේ යෝජිත සටන් විරාම කොන්දේසි ප්‍රතික්ෂේප කර තිබෙනවා

ඒ ගාසා තීරයේ “සම්පූර්ණ ජයග්‍රහණය” මාස කිහිපයකින් ලබා ගත හැකි බව පවසමිනුයි

ඔහු මේ බව කියා සිටියේ ඊශ්‍රායලයේ පිටුබලය ලබන සටන් විරාම යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කෙසේවෙතත් ඊජිප්තු නිල මූලාශ්‍රයක් BBC පුවත් සේවයට පවසා තිබෙන්නේ ඊජිප්තුව සහ කටාරය මැදිහත්ව නව සාකච්ඡා වටයක් අද (08) කයිරෝහිදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

Share This