ඊශ්‍රායල අධිකරණ ප්‍රතිසංස්කරණ පනත මහජන විරෝධතා මධ්‍යයේ සම්මත වෙයි

ඊශ්‍රායල අධිකරණ ප්‍රතිසංස්කරණ පනත මහජන විරෝධතා මධ්‍යයේ සම්මත වෙයි

ඊශ්‍රායල අධිකරණ ප්‍රතිසංස්කරණ පද්ධතිය ප්‍රතිසංස්කරණ පිළිබඳ පනත එය ව්‍යර්ථ කිරීමට එල්ල වූ මහජන විරෝධතා මධ්‍යයේ ඊශ්‍රායල මන්ත්‍රීවරුන් සම්මත කර තිබෙනවා

ඒ අනුව ඊශ්‍රායල අධිකරණ ප්‍රතිසංස්කරණ පනත නීතියක් බවට පත්වනු ඇති

උසාවිවල බලය සීමා කිරීම අරමුණු කරගත් මෙවැනි ප්‍රතිසංස්කරණ මාලාවක් අනුමත කරන ලද පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

විරෝධතාකරුවන් අනතුරු අඟවන්නේ ඊශ්‍රායලය ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස මෙයින් අනතුරට පත් වනු ඇති බවයි

මේ අතර අධිකරණය ස්වාධීනව පවතින බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර තිබෙන අතර රටේ බහුතර පුරවැසියන්ගේ තීරණයට අනුකූලව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට මෙම පනත අවශ්‍ය බවයි ඔහු පවසන්නේ

Share This