
එඩන් ඇලෙක්සැන්ඩර්ව රතු කුරුස සංවිධානයට භාර දෙයි
ඊශ්‍රායල – අමෙරිකානු ප්‍රාණ ඇපකරුවෙකු වන එඩන් ඇලෙක්සැන්ඩර් ගාසා තීරයේ රතු කුරුස සංවිධානයට භාර දී තිබෙනවා
ඔක්තෝබර් 7 ප්‍රහාරයේදී හමාස් විසින් අල්ලා ගන්නා විට 21 හැවිරිදි ඇලෙක්සැන්ඩර් ගාසා තීරයේ පිහිටි ප්‍රභූ පාබල ඒකකයක සේවය කරමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ
සටන් විරාම ගිවිසුමකට එළඹීමේ උත්සාහයේ කොටසක් ලෙස ගාසා තීරයේ අමෙරිකානු පුරවැසිභාවය ඇතිව ජීවත්ව සිටින අවසන් සිරකරුවා ලෙස සැලකෙන ඊශ්‍රායල – අමෙරිකානු ප්‍රාණ ඇපකරු එඩන් ඇලෙක්සැන්ඩර් නිදහස් කරන බවයි හමාස් සංවිධානය නිවේදනය කළේ
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (13) මැද පෙරදිග සංචාරයකට එක්වීමට නියමිත පසුබිමක හමාස් සංවිධානය මෙම පියවර ගෙන තිබීමත් විශේෂත්වයක් වනවා