ඊශ්‍රායල ආරක්ෂක ඇමතිගෙන් දැඩි තීරණයක්

ඊශ්‍රායල ආරක්ෂක ඇමතිගෙන් දැඩි තීරණයක්

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් ගාසා තීරය සඳහා පශ්චාත් යුද සැලැස්මක් සකස් නොකරන්නේ නම් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව එරට ආරක්ෂක අමාත්‍ය බෙනී ගාන්ට්ස් පවසනවා.

ගාසා හි පවතින හමාස් පාලනය අවසන් කිරීම සහ බහුජාතික සිවිල් පරිපාලනයක් පිහිටුවීම ඇතුලත් වූ උපායමාර්ගික ඉලක්ක 6ක් ඉටු කර ගැනීම සඳහා වන සැලැස්මක් ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබූ බව සඳහන්.

කෙසේවෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අදාළ සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ආරක්ෂක අමාත්‍යවරයා අදාළ ප්‍රකාශය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This