ඊශ්‍රායල ජන ජීවිතය සාමකාමී බවට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඊශ්‍රායල ජන ජීවිතය සාමකාමී බවට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඊශ්‍රායලයේ ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ මහතා පවසන්නේ ජනතාව එදිනෙදා කටයුතුවල සුපුරුදු පරිදි ගත කරන අතර සති අන්තයේ නිවාඩුව ගතකිරීමට බොහෝ දෙනෙකු සංචාරක හෝටල්වල ගොස් ඇති බවයි.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ද තම එදිනෙදා කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන බව පෙනෙන්නට ඇතැයි නිමල් බණ්ඩාර මහතා සදහන් කරනවා.

ඔවුන්ගේ කටයුතු පිළිබඳව කිසිඳු පැමිණිල්ලක් පසුගිය දින දෙකේ තානාපති කාර්යාලයට වාර්තා නොවූ බවද අදාල නිවේදනයේ සදහන්.

ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ ඊශ්‍රායලයේ සේවය කල දෙදෙනෙකු අද උදෑසන 08.00 කටුනායක ගුවන් තොටුපලට පැමිණි බව තානාපති කා‍ර්යාල නිවේදනයේ දැක් වුණා.

ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා පැමිණීමට අපේක්ෂිත් පිරිස 300ක් පමණ වන අතර දැනට ඔවුන් ගුවන් ටිකට් ලබාගැනීමේ කටයුතුවල නිරත වන බව නිමල් බණ්ඩාර මහතා පවසනවා.

කෙසේ වෙතත් අබුඩාබි හා ඩුබායි නගර හරහා ගුවන් යානා කීපයක් ඊශ්‍රායලය වෙත පැමිණියත් එම ගුවන් මාර්ගවල ඇති තදබදය හේතුවෙන් අදාල ගුවන් මාර්ගවල ගුවන් ටිකට් ලබා ගැනීම ඉතා අසීරු බව ගුවන් සමාගම් සදහන් කර ඇතැයි තානාපති කාර්යාල ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මෙම නිවේදනයේ දැක් වුණේ මේ මාර්ගවල ගුවන් යානා තැවත යථාතත්ත්වයට පත්වීමට ජුනි මස 30 වැනිදාට පසු සිදුවනු ඇති බවයි.

දැනට ඊශ්‍රායලයට පැමිණීමට තෝරාගෙන ඇති කණ්ඩායම්වලට මෙහි පැමිණීමට තරමක කාලයක් ගතවිය හැකි බවත්, ගුවන් ටිකට්පත් ලබාගැනීමට නොහැකිවීම ප්‍රධාන බාධාවක් බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දුන්නා.

 

.

Share This