
ඊශ්‍රායල තානාපති හා ජනපති අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඔර් ගිලොන් මහතා අතර හමුවක් අද (04) ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ඊශ්‍රායලයේ කොන්සල් දිනේෂ් රුද්‍රිගු යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වී ඇති බව සඳහන්.