
ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 146ක් මරුට
පැය 24ක් තුළ ගාසා තීරයේ පලස්තීන ජාතිකයින් 146 දෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
එමෙන්ම තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගාසා තීරය පුරා ත්‍රස්තවාදී ඉලක්ක 150කට වඩා ප්‍රහාර එල්ල කර ඇති බවයි
මේ අතර හමාස් පරාජය කිරීම සහ ගාසා තීරයේ ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ නිදහස සුරක්ෂිත කිරීම අරමුණු කරගත් ප්‍රධාන ප්‍රහාරයක් දියත් කරන බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබෙනවා