ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය ගණන ඉහළට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය ගණන ඉහළට

ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබෙනවා.

දකුණු ලෙබනනයේ Batoulay හි ගම්මාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් පසුගිය දින කිහිපය තුළ අදාළ ප්‍රහාර එල්ල වී තිබුණා.

මියගිය අය අතර ළමුන් ද වන බව සඳහන්.

ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුගිය වසර තුළ ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයන් 3,136 දෙනෙකු මියගොස් 13,979 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ලෙබනන් බලධාරීන් පවසන්නේ.

Share This