ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනයේ රෝහල් වසා දමයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනයේ රෝහල් වසා දමයි

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ රෝහල් කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් එරට රෝහල් වසා දමා තිබෙනවා.

එහිදී හිස්බුල්ලා අනුබද්ධ සෞඛ්‍ය සංවිධානයක් පැවසුවේ පසුගිය පැය 24 තුළ පරිපූරක වෛද්‍යවරුන් 11 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ හිස්බුල්ලා සටන්කරුවන් සහ ආයුධ ප්‍රවාහනය සඳහා වෛද්‍ය වාහන භාවිතා කරන බවට චෝදනා කරමින්, එය මිලිටරි අරමුණු සඳහා භාවිතා කරන බවට සැක කරන ඕනෑම වාහනයකට පහර දෙන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, අවම වශයෙන් පහසුකම් සහිත රෝහල් 37 ක් වසා දමා ඇති අතර වෛද්‍ය කාර්ය මණ්ඩලයේ විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව සඳහන්.

Share This