ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු භූගත උමඟකින්

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු භූගත උමඟකින්

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා ගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

රෆා ප්‍රදේශයේ තිබූ භූගත උමඟක තිබී එම සිරුරු සොයාගත් බවයි ඊශ්‍රායල ආරකෂක බළකාය ප්‍රකාශ කර ඇත්තේ.

කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකුගේ සිරුරු එම සොයාගත් මළ සිරුරු අතර වනවා.

2023 ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය අතරතුරදී මෙම පිරිස පැහැරගෙන ගොස් තිබුණා.

එම ප්‍රහාරයෙන් 1,200ක් පමණ මියගිය අතර 251ක් පැහැරගෙන ගොස් ප්‍රාණඇපකරුවන් ලෙස රඳවා ගැනීමටයි හමාස් සංවිධානය කටයුතු කර තිබුණේ.

Share This