ඊශ්‍රායල පාර්ලිමේන්තුවෙන් පිටත රැඳී සිටින විරෝධතාකරුවන්ට ප්‍රහාර – (VIDEO)

ඊශ්‍රායල පාර්ලිමේන්තුවෙන් පිටත රැඳී සිටින විරෝධතාකරුවන්ට ප්‍රහාර – (VIDEO)

කැලඹීමට තුඩු දී ඇති අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රධාන ඡන්ද විමසීමට පෙර ඊශ්‍රායල පාර්ලිමේන්තුවෙන් පිටත රැඳී සිටින විරෝධතාකරුවන්ට එරට පොලීසිය ජල ප්‍රහාර එල්ල කර අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබෙනවා

බැංකු ඇතුළු ප්‍රධාන සමාගම් 150ක් පමණ වැඩවර්ජනයක යෙදී සිටින බවද සඳහන්

ප්‍රතිසංස්කරණවල අරමුණ වන්නේ අධිකරණයේ බලතල සීමා කිරීම වන අතර එය පුළුල් වී ඇති බව රජය පවසනවා .

විරුද්ධවාදීන් පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ ඊශ්‍රායලයට ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පැවතීමට බාධා කරන බවයි.

ඊශ්‍රායල ජනාධිපති Isaac Herzog රට ජාතික හදිසි අවස්ථාවක පවතින බව පවසා ඇති අතර සම්මුතියකට එළඹෙන ලෙස දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා තිබෙනවා

එක් විරෝධතාකරුවෙකු තුවාල ලබා ඇති අතර හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා .

මේ අතර අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙන්නේ තමා ශල්‍යකර්මයකට මුහුණ දීමෙන් පසු ඡන්දය සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන බවයි.

ඊශ්‍රායලයේ ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානීන්, අගවිනිසුරුවරුන් සහ ප්‍රමුඛ පෙළේ නීතිවේදීන් සහ ව්‍යාපාරික පුද්ගලයින් ද රජයේ ප්‍රතිසංස්කරණවලට එරෙහිව හඬ නඟා තිබෙනවා

මෙම පියවර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් විවේචනයට ලක් කර ඇති බවද සඳහන්.

Share This