ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයාගේ පුතා ගාසා තීරයේ ගැටුමකින් මරුට

ඊශ්‍රායල යුද කැබිනට් අමාත්‍යවරයාගේ පුතා ගාසා තීරයේ ගැටුමකින් මරුට

ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන එරට හිටපු හමුදා ප්‍රධානී Gadi Eisenkotගේ පුතා ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව හමුදාව පවසනවා .

ඒ අනුව 25 හැවිරිදි Major Gal Eisenkot ඊයේ (07) උතුරු ගාසා තීරයේදී මිය ගිය බවයි වාර්තා වන්නේ

කෙසේවෙතත් ඊශ්‍රායල මාධ්‍ය පවසා ඇත්තේ Maj Eisenkot බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය බවයි.

Gal Eisenkot සැබෑ වීරයෙක් බවත් ජයග්‍රහණය තෙක් අපි දිගටම සටන් කරන බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා

63 හැවිරිදි Gadi Eisenkot යනු 2015 සිට 2019 දක්වා ඊශ්‍රායලයේ සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කිරීමෙන් පසුව සිටින විශ්‍රාමික ජෙනරාල්වරයෙකි.

ජාතික සමගි පක්ෂයේ නීති සම්පාදකයෙකු වන ඔහු, අගමැති නෙතන්යාහුගේ හදිසි රජයේ වත්මන් සාමාජිකයෙක්ද වනවා .

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) දක්ෂිණ විධානයට පැමිණෙමින් සිටියදී ඔහුගේ පුතාගේ තුවාල පිළිබඳව Gadi Eisenkotට දැනුම් දුන් බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ .

ඊශ්‍රායල රජයේ නිලධාරීන් සහ නීති සම්පාදකයින් ගණනාවක් ද Gadi Eisenkot පවුල වෙත සිය ශෝකය පළ කර ඇති බවද සඳහන් වනවා

 

Share This