ඊශ්‍රායල විරෝධී මැර පිරිසක් රුසියාවේ ඩැගෙස්තාන් ගුවන් තොටුපළට කඩා වදියි (VIDEO )

ඊශ්‍රායල විරෝධී මැර පිරිසක් රුසියාවේ ඩැගෙස්තාන් ගුවන් තොටුපළට කඩා වදියි (VIDEO )

විශාල පිරිසක් යුදෙව් විරෝධී සටන් පාඨ කියමින් ඩැගෙස්තාන් ගුවන් තොටුපළකට කඩා වැදී තිබෙනවා

මේ සිදුවීමෙන් පසු ඊශ්‍රායලය රුසියාවෙන් ඉල්ලා සිටියේ සියලු පුරවැසියන් සහ සියලුම යුදෙව්වන් ආරක්ෂා කරන ලෙසයි.

කෝපාවිෂ්ටවූ ජනකායක් මකච්කාලා හි ගුවන් තොටුපළට පැමිණ ඇති බවත්, ටෙල් අවිව් සිට පැමිණෙන පුද්ගලයින් සොයන බවත් වාර්තා වනවා

සමූහයාගෙන් සමහරක් ගුවන් ධාවන පථයට දිව ගොස් එහි ගුවන් යානා වට කර ඇති බවයි පැවසෙන්නේ .

බලධාරීන් එම ස්ථානයට පැමිණීමෙන් පසු තත්ත්වය පාලනය කර ඇති බව රුසියානු ගුවන් සේවා ඒජන්සිය ප්‍රකාශ කරනවා

එමෙන්ම නොවැම්බර් 6 වනදා දක්වා ගුවන් තොටුපළ තාවකාලිකව වසා තබන බවයි බලධාරීන් දැනුම් දී ඇත්තේ

පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසනවා .

මේ අතර ඊශ්‍රායල අගමැති කාර්යාලය පවසන්නේ රුසියාව යුදෙව්වන්ට සහ ඊශ්‍රායල ජාතිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම්වලට එරෙහිව තීරණාත්මක ලෙස ක්‍රියා කළ යුතු බවයි.

Share This