ඊශ්‍රායල හමාස් ගැටුම් යළි ඇරඹෙයි

ඊශ්‍රායල හමාස් ගැටුම් යළි ඇරඹෙයි

ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් යළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව දින 7ක් පුරා පැවති සටන් විරාමය අවසන් කරමින් ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ලකර ඇති බව සඳහන්

කෙසේ වෙතත් එම රොකට් බිම හෙළීමට ඊශ්‍රායල හමුදාව සමත්වී තිබෙනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඊශ්‍රායල රජය යුද්ධයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කැපවී සිටින අතර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, හමාස් තුරන් කිරීම සහ ගාසා තීරය කිසි විටෙකත් ඊශ්‍රායලයේ වැසියන්ට තර්ජනයක් නොවන බව සහතික කිරීම සිදු කරන බවයි

Share This