ඊශ්‍රායල හමුදාවෙන් දකුණු ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර

ඊශ්‍රායල හමුදාවෙන් දකුණු ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර

සතියක් පුරා පැවති සටන් විරාමය පසුගිය සිකුරාදා අවසන් වූ දා සිට ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලීම යලි ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඊශ්‍රායල හමුදා ගුවන්විදුලියෙන් ලැබුණු මූලික වාර්තා මගින් පෙන්වා දී තිබෙන්නේ ඛාන් යූනිස් ප්‍රදේශයට උතුරින් ගොඩබිම් මෙහෙයුමක් දියත් කර ඇති බවයි

මේ අතර දකුණු ගාසා තීරයේ ශක්තිමත්ව සහ තරයේ සටන් කරන බව ඊශ්‍රායල ආරක්ෂක බලකායේ (IDF) ප්‍රධානියා පවසනවා

ඊශ්‍රායල සිරකඳවුරුවලින් පලස්තීනුවන් 240ක් නිදහස් කිරීම වෙනුවෙන් හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් 110 දෙනෙකු නිදහස් කරනු ලැබුවේ දින හතක සටන් විරාමය තුළයි

එමෙන්ම ඊයේ (03) උදෑසන ඊශ්‍රායල හමුදාව ඛාන් යුනිස් හි දිස්ත්‍රික්ක කිහිපයකට ඉවත් කිරීමේ නියෝග නිකුත් කරමින් ජනතාවට වහාම ඉවත් වන ලෙස ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

කෙසේවෙතත් ඊශ්‍රායල බලධාරීන් විශ්වාස කරන්නේ යුද්ධයේ මුල් අවධියේදී උතුරේ සටන් වැදීමෙන් පසු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නවාතැන් ගෙන සිටි නගරයේ හමාස් නායකත්වයේ සාමාජිකයින් සැඟවී සිටින බවයි.

බෝම්බ ප්‍රහාරය නැවත ආරම්භවීමෙන් පසු පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

යුද්ධය ආරම්භ වූ දා සිට මෙම තීරයේ පුද්ගලයන් 15,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ

Share This