ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් පලස්තීනුවන් 5ක් මරුට

ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් පලස්තීනුවන් 5ක් මරුට

ජෙනින් ප්‍රදේශයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් පලස්තීනුවන් පස් දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඊශ්‍රායල හමුදා විසින් සරණාගත කඳවුරක සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු පලස්තීන ජාතිකයන් පස් දෙනෙකු මරා දමා ඇති බවයි පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ.

ඊශ්‍රායල සොල්දාදුවන් හත් දෙනෙකු සහ දේශසීමා පොලිස් නිලධාරීන් තුවාල ලැබූ බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ වසරේ ආරම්භයේ සිට බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 161 දෙනෙකු මරා දමා ඇති අතර ඊශ්‍රායල ජාතිකයින් 21 දෙනෙකු මරා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This