ඊශ්‍රායලයේ ජනාකීර්ණ ප්‍රදේශයකදී තවත් මාරාන්තික ප්‍රහාරයක්
ඊශ්‍රායලයේ Bnei Brak නගරය ආසන්නයේදී පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා
සතියක් ඇතුළත සිදුවූ තුන්වැනි මාරාන්තික ප්‍රහාරය මෙය බවයි පැවසෙන්නේ
එය සිදු වූයේ රටේ වඩාත්ම ජනාකීර්ණව තිබෙන යුදෙව් ප්‍රදේශවලින් එකක් බව සඳහන්
තුවක්කුකරු පොලිස් වෙඩි පහරින් මිය ගිය බවද සඳහන්
පසුගිය අඟහරුවාදා සහ ඉරිදා දිනවලදීද ඊශ්‍රායල අරාබිවරුන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් පුද්ගලයන් හය දෙනෙකුට ජීවිතය අහිමි වුණා
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රහාරය හෙළා දැක ඇති අතර .මෙම ප්රචණ්ඩත්වය පිළිගත නොහැකි බවත් ඊශ්‍රායල්වරුන්ට ලොව පුරා සිටින සියලුම මිනිසුන්ට මෙන් සාමයෙන් සහ බියෙන් තොරව ජීවත් වීමට හැකි විය යුතු බවත් සඳහන් කර තිබෙනවා
පස් දෙනෙකුගේ ජීවිත අහිමි කළ ප්‍රහාරකයා බටහිර ඉවුරේ උතුරේ ගම්මානයක පදිංචි 27 හැවිරිදි පලස්තීන ජාතිකයෙකු බවයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පවසන්නේ