ඊශ්‍රායල් තරුණිය රාවණා ඇල්ලෙන් ලිස්සා ඇද වැටෙයි -බරපතල තත්ත්වයෙන් රෝහලේ

ඊශ්‍රායල් තරුණිය රාවණා ඇල්ලෙන් ලිස්සා ඇද වැටෙයි -බරපතල තත්ත්වයෙන් රෝහලේ

රාවණා ඇල්ල නැරඹීමට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් ගල් තලාවකට නැගීමට යෑමේදී පය ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි ඇල්ල පොලිසිය පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

මෙලෙස තුවාල ලබා ඇත්තේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඊශ්‍රායල් ජාතික විසිතුන් හැවිරිදි තරුණියක් .

ඇය තවත් විදේශීය සංචාරකයන් දොළොස් දෙනකු සමඟ රාවණා ඇල්ල නැරඹීමට පැමිණ ඇල්ලේ උඩකොටසට ගල් මතින් නැඟයෑමට උත්සාහ කිරීමේදී පය ලිස්සා අඩි දහයක් පමණ පහළට වැටී තිබෙන බවයි වාර්තා වන්නේ

බරපතළ තුවාල ලැබූ ඇය වැල්ලවාය මූලික රෝහලටත් පසුව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලටත් මාරුකොට තිබෙනවා.

නමුත් ඇයගේ තත්ත්වය බරපතළ බැවින් පසුව බදුල්ල මහ රෝහලට මාරුකොට යවා ඇති අතර දැනට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා

 

Share This