ඊ.ඒ.පී. මණ්ඩලයෙන් මහනුවරට නව තාක්ෂණ සිනමා අත්දැකීමක් (VIDEO)

ඊ.ඒ.පී. මණ්ඩලයෙන් මහනුවරට නව තාක්ෂණ සිනමා අත්දැකීමක් (VIDEO)

අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් නවතම ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා සංකීර්ණය, ජේ.පී. සිනේ ප්ලෙක්ස් සිනමා ශාලාව ඊයේ මහනුවරදී සිනමා රසික ඔබ වෙනුවෙන් විවෘත වුණා.

මෙම ජේ.පී. සිනේ ප්ලෙක්ස් සිනමා ශාලාවේ මංගල දර්ශනය ලෙස තිරගත වුණේ ඓතිහාසික සෙන්කඩගල පුරාවෘත්තයක් වන, ලයිකා ප්‍රඩක්ෂන් නිෂ්පාදනය කළ දේවී කුසුමාසන චිත්‍රපටයයි.

මෙරට සිනමාව වෙනුවෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ EAP මණ්ඩලය එහි නවතම පියවරක් ඉදිරියට තබමින් ඓතිහාසික සෙන්කඩගල පුරවැරයේදී මෙරට සිනමා ලෝලීන් වෙනුවෙන් තවත් සිනමා සංකීර්ණයක් ඊයේ විවෘත කළා.

ඒ 4K තාක්‍ෂණයෙන් සහ අති නවීන ශබ්ද පද්ධති ඇතුළු අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුක්තවයි.

ජේ.පී. සිනමා ශාලාව විවෘත කෙරුණේ ලයිකා ප්‍රඩක්ෂන් සහ ඊ.ඒ.පී. සිනමා මණ්ඩලයේ සභාපතිනි ජානකී විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ජේ.පී. සිනේ ප්ලෙක්ස් නමින් මෙලෙස විවෘත වූ සිනමා ශාලාවේදී පළමු චිත්‍රපටය ලෙස තිරගත වුණේ ලයිකා ප්‍රඩක්ෂන් නිෂ්පාදනය කළ දේවි කුසුමාසන චිත්‍රපටයයි.

මෙම විශේෂ දර්ශනය සඳහා එම චිත්‍රපටයේ රංගනයේ නිරත හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස් සහ මේඝ සූරියආරච්චි ඇතුළු නළු නිළියන් රැසක් සහභාගි වුණා.

Share This