උගන්ඩාවේ තෙරපීමකින් 10ක් මිය යාමේ සිදුවීමට අදාළව චෝදනා 9ක් එල්ලවූ ප්‍රසංග සංවිධායකවරයා

උගන්ඩාවේ තෙරපීමකින් 10ක් මිය යාමේ සිදුවීමට අදාළව චෝදනා 9ක් එල්ලවූ ප්‍රසංග සංවිධායකවරයා

උගන්ඩාවේ කම්පාලා අගනුවර අලූත් අවුරුද්ද වෙනුවෙන් පැවති ප්‍රසංගයකදී තෙරපීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් එරට ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකවරයෙකුට චෝදනා 9ක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ.

52 හැවිරිදි මෙම පුද්ගලයා විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති නමුත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

20,000 කට වැඩි පිරිසකට පිටවීමට එක් ගේට්ටුවක් පමණක් විවෘත කිරීම නිසා තෙරපීමක් ඇති කළ බවටයි පැමිණිලිකරුවන් චෝදනා කරන්නේ.

මේ අතර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එම ගොඩනැගිල්ලේ හිමිකරු ඇතුළු තවත් පිරිසක් කැඳවීමට එරට පොලිසිය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This