උගන්ඩාවේ පාසලක ඇති වූ ගින්නකින් 11ක් මරුට

උගන්ඩාවේ පාසලක ඇති වූ ගින්නකින් 11ක් මරුට

උගන්ඩාවේ කම්පාලා අගනුවරට නැගෙනහිරින් පිහිටි මුකොනෝහි දෘශ්‍යාබාධිත ළමුන් සඳහා වන පාසලක නේවාසිකාගාරයක ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් හය දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි උගන්ඩා පොලිසිය සඳහන් කර තිබෙන්නේ

තුවාල ලැබූවන් එරට හෙරෝනා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මෙම පාසලේ ඇතිවූ ගින්නට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

Share This