උගන්ඩාවේ පාසැල් සිසුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 20 ක් අත්අඩංගුවට

උගන්ඩාවේ පාසැල් සිසුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 20 ක් අත්අඩංගුවට

පසුගිය සිකුරාදා(16) පාසලකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව උගන්ඩා පොලිසිය සඳහන් කර තිබෙනවා.

පාසලකට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඉස්ලාමීය සටන්කාමීන් සමග සහයෝගයෙන් කටයුතු කළ බවටයි මොවුන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ

එම පාසැලේ ප්‍රධාන ගුරුවරයා සහ පාසලේ අධ්‍යක්ෂවරයා ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම ප්‍රහාරයෙන් බටහිර උගන්ඩාවේ Mpondwe හි Lhubiriha ද්විතීයික පාසලේ සිසුන් හතළිස් දෙදෙනෙකු මිය ගිය බවයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

බොහෝ සිසුන් ඔවුන්ගේ නේවාසිකාගාරයේ දී පිළිස්සී මියගිය බවයි වැඩිදුරටත් අනාවරණය වුණේ

Share This