
උඩරට දුම්රිය ධාවනය යළි සාමාන්‍ය තත්ත්වයට
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ අතර සීග්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් අවහිර වී තිබූ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසනවා.
බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ එම දුම්රියේ නැරඹුම් මැදිරිය ඊයේ සවස 3.25 ට පමණ පීලි පැනීමට ලක් වූ අතර රාත්‍රී 10 ට පමණ පීලි ගත කිරීම අවසන් කළ බවද සඳහන්.
ඒ අනුව අද (14) බදුල්ල දුම්රිය ස්ථානයෙන් අළුයම 5.55 ට උඩරට මැණිකේ දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වූ බවයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසන්නේ.