
උඩරට මාර්ගයේ පිළිසකර කිරීම් ප්‍රමාදයි – අදත් හෙටත් දුම්රිය ගමන් අවලංගුයි
උඩරට මාර්ගයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත අද (21) දින හා හෙට (22) උදෑසන දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ කොළඹ කොටුව සිට රඹුක්කන දක්වාත් , පේරාදෙණිය සිට බදුල්ල දක්වාත් පමණක් දුම්රිය ධාවන කටයුතු සිදු වන බවයි.
උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් මෙම දින තුන තුළ අවලංගු වූ මුළු දුම්රිය ගමන් වාර ගණන 42 ක්.
උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් අද දිනට නියමිත කොළඹ කොටුව සිට මහනුවර මාතලේ හා ප්‍රාදේශීය ගමනාගමන මගී ප්‍රවාහන දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු කෙරුණා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල හා නානුඔය බලා ධාවනයට නියමිත වූ දුම්රිය ගමන් වාර 4 ක් මහනුවර දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භක වේලාවට බදුල්ල බලා ධාවනය කිරීමට කටයුතු යොදා තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
තව ද නානුඔය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන ගමන් වාර 04 ක් පේරාදෙණිය හා මහනුවර දක්වා ධාවනය කිරීම සිදුකළා.