උඩු ගුවනේ රෝගී වූ ගුවන් නියමුවා

උඩු ගුවනේ රෝගී වූ ගුවන් නියමුවා

අමෙරිකාවේ සිට තුර්කිය දක්වා පියාසර කරන ගුවන් යානයක සිටි නියමුවෙකු මියගොස් තිබෙනවා.

තුර්කි ගුවන් සේවයේ සේවයේ නියුතු එම නියමුවා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔහුගේ අසනීප තත්ත්වයත් සමග ගුවන් යානය කඩාවැටීමකට ලක්ව ඇති නමුත් දෙවන නියමුවා සහ සහායක නියමුවා යානයේ පාලනය සිය යටතට ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකියාව ලැබී ඇති බව සඳහන්.

යානය තුළදීම අසනීප තත්ත්වයට පත් වූ නියමුවාට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර නමුත් එය අසාර්ථක වීම හේතුවෙන් යානය ගොඩබැස්වීමට කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් ඒ වන විටත් 59 හැවිරිදි වියේ පසුවූ ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ගුවන් යානය නිව්යෝර්ක් වෙත ගොඩබස්වා ඇති අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් මගීන්ව තුර්කිය වෙත යැවීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.

2007 වසරේ සිට තුර්කි ගුවන් සේවය සමඟ පියාසර කර ඇති එම නියමුවාට මාර්තු මස මුලදී නිතිපතා සෞඛ්‍ය පරීක්‍ෂණයක් ලබා දී ඇති අතර එමඟින් ඔහුගේ රැකියාවට බලපාන සෞඛ්‍ය ගැටලුවක් නොමැති බවට තහවුරු වූ බව එම ගුවන් සමාගම සඳහන් කර තිබෙනවා.

Share This