උණුසුම් කාලගුණයෙන් ඉන්දියාවේ මිය ගිය ගණන තවදුරටත් ඉහළට

උණුසුම් කාලගුණයෙන් ඉන්දියාවේ මිය ගිය ගණන තවදුරටත් ඉහළට

උණුසුම් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය පවසනවා.

රෝහල් වෙත පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව උත්තර් ප්‍රදේශ් සහ බිහාර් යන ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්ත දෙකෙන් වැඩි වශයෙන් මරණ වාර්තා වී අතර පුද්ගලයින් 170කට අධික පිරිසක් උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වන විට මියගොස් තිබෙනවා.

රෝහල්වල මෘත ශරීරාගාර ද උණුසුම් කාලගුණයෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීරවලින් පිරී ගොස් ඇති බව ද සඳහන්.

ඒ අනුව එරට රෝහල් බලධාරීන් විසින් මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන් වෙත දැනුම් දී ඇත්තේ මෘත ශරීර නිවෙස්වලට රැගෙන යන ලෙසයි.

මෙම දිනවල පවතින උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතින අතර එය සෙල්සියස් අංශක 43.5 දක්වා ළඟා වී ඇති බවයි ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.

Share This